මගී ප්‍රවාහන බෝට්ටු සේවය ඇරැඹේ

August 22, 2019 | 93 views

කොළඹ නගරයේ මහා මාර්ග තදබදයට විසඳුමක් ලෙස යූනියන් පෙදෙස සිට කොළඹ කොටුව දක්වා කි‍්‍රයාත්මක වන බේරේ වැව මගී ප‍්‍රවාහන යාත‍්‍රා සේවයේ සමාරම්භය අද දින (22) සිදුවිය. මහානගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ සංකල්පයකට අනුව මෙම සේවාව කි‍්‍රයාත්මකයි. මහානගර අමාත්‍යාංශය මගින් පරිපාලිත ශ‍්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මෙම සේවාව පවත්වාගෙන යනු ලබයි.

වායුසමනය කර ඇති මෙම මගී බෝට්ටුවේ මගීන් පනස් දෙනෙකුට ගමන් කළ හැකි අතර ඉදිරියේදී බෝට්ටු කිහිපයක් යෙදවීමට නියමිතය.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉංජිනේරුවන් විසින් නිපදවන ලද මෙම බෝට්ටු ක්‍රියාත්මක කරන්නේ ද නාවික හමුදා සාමාජිකයන් විසිනි.

මෙම යාත‍්‍රා සේවාව අද දින මහනගර ඇමති චම්පික රණවක මැතිතුමාගේ ආරාධනයෙන් ගරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි. මුල් මාසය ඇතුළත මගී ජනතාවට නොමිලේ මෙම සේවය ලබාගැනීමට අවස්ථාව සැලසෙනු ඇත. ශ‍්‍රී ලංකා නාවුක හමුදාව හා ඒකාබද්ධව කි‍්‍රයාත්මක මෙම යාත‍්‍රා සේවය නාවුක ගමනා ගමනයේදී පිළිපැදිය යුතු සියළු ආරක්‍ෂක විධිවිධාන අනුගමනය කරමින් කි‍්‍රයාත්මකයි.

Related News