ගෝඨාභයගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි

September 11, 2019 | 34 views

වීරකැටිය ඩී.ඒ. රාජපක්ෂ කෞතුගාරය ඉදිකිරිමේදී සිදුව ඇති මූල්‍ය වංචාව පිළිබඳව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුවේ චෝදනා ඉදිරිපත් කර තිබෙන ආකාරය දෝෂ සහගත බැවින් එම චෝදනා පත්‍රය ප්‍රතික්ෂේප කරන්නැයි ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනුකර තිබූ අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ බහුතර කැමැත්තෙන් ප්‍රතික්ෂේප කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර තබූ පෙත්සම අද(11) සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවා තිබූ අතර එහිදී මෙම පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට නියෝග කර තිබේ.

මේ අනුව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන නඩුව අඛණ්ඩව පවත්වාගෙන යෑමටද හැකියාවක් ලැබෙයි.

Related News