අවසන් රන්දෝලි පෙරහැර අද

August 14, 2019 | 63 views

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහර අද (14දා) රාත්‍රී අට පසු වී විනාඩි පහට යෙදෙන සුබ මොහොතින් දකුණු දිශාමුඛව ආරම්භ කිරීමට නියමිත පෙරහර දළදා වීදිය (වෝඩ් වීදිය), යටිනුවර වීදිය, කන්දෙ වීදිය (හීල් වීදිය), ඩී.එස්. සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) ඔස්සේ රජ වීදියෙන් ඉහළට විත් දළදා මාලිගාවට ගෙවදීමට නියමිතය.

අගෝස්තු මස 15 වැනිදා අලුයම ගැටඹේ තොටට ගොස් දිය කැපීමේ මංගලෝත්සවය සිදු කරයි.

Related News