අකිල ධනංජයට වසරක ක්‍රිකට් තහනමක්

September 19, 2019 | 149 views

ඔහුගේ පන්දු යැවීමේ ඉරිඅව්ව නීති විරෝධී බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නැවත වරක් පවසා ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා තිබේ.

ඒ අනුව 2020 වසරේ අගෝස්තු මස 29 වැනිදා දක්වා අකිල ධනංජයට ක්‍රිකට් පිටිය තහනම් වනු ඇත.

තවමත් 25 වැනි වියේ පසු වන අකිල මේ වන විට ටෙස්ට් තරග හයකදී කඩුලු 33 ක්, එක්දින ජාත්‍යන්තර තරග 36 කදී කඩුලු 51 ක් සහ විස්සයි20 ජාත්‍යන්තර තරග 22 කදී කඩුලු 22 ක් දවාගැනීමට සමත්ව සිටියි.

Related News